What is Linux?

Smart phone වල ඉඳන් කාර්, super computers, home desktop සහ enterprise servers, දක්වාම Linux මෙහෙයුම් පද්ධති හැම තැනකම තියෙනවා. Linux, ලෝකයේ හොඳම super computers 500 යේ වගේම ලොකයේ කොටස් හුවමාරුව සඳහා ද ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියක්.

සරලවම Linux කියන්නේ මොකක්ද කියලා බැලුවොත් Linux කියන්නේ Windows, iOS සහ Mac OS වගේම මෙහෙයුම් පද්ධතියක්. ඇත්තටම ලොකයේ වඩාත් ජනප්‍රිය platform එකක් වෙන Android, බලගැන්වෙන්නේ ද Linux මෙහෙයුම් පද්ධතිය මගින්. මෙහෙයුම් පද්ධතියක් එහෙමත් නැත්නම් operating system එකක් කියලා කියන්නේ desktop computer එකකට හෝ laptop එකකට හෝ සම්බන්ධ සියලුම hardware resources කලමනාකරනය කරන මෘදුකාංගය ක්. කෙටියෙන් කිව්වොත් මෙහෙයුම් පද්ධතිය software සහ hardware අතර සන්නිවේදනය කලමනාකරනය කරනවා. Operating system එකක් නැතුව software ක්‍රියා කරන්නේ නැහැ.

Linux මෙහෙයුම් පද්ධතිය විවිධ කොටස් වලින් සමන්විත වෙනවා.

Bootloader - computer එකේ boot process කලමනාකරනය කරන මෘදුකාංගයයි. බොහෝ පරිශිලකයන් සදහා, මෙය splash screen එකක් වනු ඇති අතර එය මෙහෙයුම් පද්ධතියට ආරම්භ කිරීම (boot වීම) සදහා අවසානයේදී ඉවත්ව යයි.

Kernel - මෙය ඇත්තටම Linux ලෙස හැඳින්වෙන සමස්තයේ එක් කොටසක්. මෙය පද්ධතියේ හරය වන අතර cpu සහ memory කලමනාකරනය කරයි. Kernel එක යනු මෙහෙයුම් පද්ධතියේ පහළම මට්ටම යි.

Init system - මෙය උප පද්ධතියකි. මෙය deamon ක්‍රියාවලියක් වන අතර එය පද්ධතිය shut down වන තුරු දිගටම ක්‍රියාත්මක වේ.

Deamons - මේවා පසුබිම් සේවා වේ. (printing, sound, scheduling යනාදිය) ආරම්භයේදී (boot වීමේදී) හෝ desktop එකට log වීමෙන් පසුව ආරම්භ වේ.

Graphical server - monitor එකේ graphic පෙන්වන උප පද්ධතිය මෙය වේ. එය සමාන්‍යයෙන් X server හෝ X ලෙස හැදින්වේ.

Desktop Environment - මෙය පරිශිලකයන් (users) සැබැවින්ම අන්තර් ක්‍රියා (interact) කරන කොටසයි. තෝරා ගැනීමට බොහෝ desktop environment ඇත. (GNOME, Cinnamon, Mate, Pantheon, Enlightenment, KDE, Xfce, ආදිය). සෑම desktop environment එකකම built-in applications ඇතුළත් වේ. (file managers, configuration tools, Web browsers, සහ games වැනි)

Applications - desktop environment, application වල සම්පූර්ණ පෙළ (array) ලබා නොදේ. Windows සහ Mac OS මෙන්ම Linux ද පහසුවෙන් සොයාගත හැකි සහ install කර ගත හැකි උසස් තත්ත්වයේ software titles දහස් ගණනක් ලබා දෙයි.

3 Likes