ඇයි අපි Linux භාවිතා කරන්නේ?

ඇයි අපි Linux භාවිතා කරන්නේ?

Linux වල තියන specification නිසා linux කියන operating system එක user ලා අතර ජනප්‍රිය වෙලා තියනවා.ඉතින් අපි බලමු ඒ මෙහෙම වෙන්න බලපාපු ඒ specification මොනවද කියලා…

ප්‍රධාන වශයෙන් ගත්තාම Linux කියන්නේ free and open source software එකක්.ඉතින් ඒ නිසා මෙය වැඩිදෙනා අතර ජනප්‍රිය වෙන්න ඒක විශේෂ හේතුවක් වෙලා තියනවා.ඒ වගේම තව සුවිශේෂී දෙයක් විදිහට Customization හදුන්වා දෙන්න පුළුවන්.පරිශීලකයන්ට අවශ්‍ය විදිහට opertarting system එකෙහි පෙනුම,ඒවයේ අයිකනයන්,තේමාවන් ආදිය ආකර්ශනීය ලෙස වෙනස් කිරීමට ඇති හැකියාව නිසා පරීශීලකයන් තවත් මේ linux භාවිතා කරන්න යොමු වෙලා තියනවා…

එවගේම තවත් ගුණාංගයක් විදිහට linux වල තියන Safe and Secure ගුණාංගය ගන්න පුලුවන්.මොකද අපි ඕනම වෙලාවකදී බලන්නේ අපේ computer එකේ තියන documents,software වගේ හැමදේම ආරක්ෂාකාරීව පරිස්සමෙන් තියාගන්න එකනේ.ඒනිසා මෙ linux වලට ප්‍රසිද්ධ කරුණුක් විදිහට මේ safe and secure ලක්ශනය ගන්න පුළුවන්.system update කිරීම් අදිය කරලා අපිට අපේ පරිගණකයේ OS එක ඇතුලු මුලු පරිගණකම ආරක්ෂාකාරීව පවත්වා ගන්න පුලුවන්.ඉතින් ඒ වගේම linux භාවිතයේදී windows වල වගේ antivirus softwares භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ…මොකද linux os එකෙන්ම එවන update සිදු කිරීම මගින් අපිට අපේ පරිගණකය ආරක්ෂාවත් සපයා ගන්න පුළුවන්. නමුත් ඔයාලට computer එකේ ආරක්ෂාව ගැන තියන උනන්දුව ඒවගෙම තියන කැමැත්තක් නිසා තවත් ආරක්ෂාකාරී කර ගන්න ඕනි නම් අපිට පුලුවන් ClamAV වැනි antivirus softwares install කර ගන්න.

එවගේම තවත් linux හි පහසුකමක් විදිහට Maintain කිරීමට ඇති පහසුව ගන්න පුළුවන්…මෙකෙදි අපිට software නිතරම install කිරීමට අවශ්‍ය වෙන්නෙ නෑ . එක් වතාවක් පමනක් install කරාට පස්සේ අපිට update කිරීමක් මගින් නැවත එය පහසුවෙන්ම ස්වයංක්‍රීයව පවත්වා ගන්න විදිහට හදා ගන්න පුලුවන් ඒ කියන්නේ software එකේ කලින් වගේම normaly වැඩ කරගෙන යන්න පුළුවන්…linux වල free and open source software install කරන්න වගේම ඒවා පහසුවෙන් search කරලා , computer එකට install කරගන්න පහසුකම් දීලා තියනවා.ඒ වගේම තමයි linux OS ඉතා අඩු hardware පරාසයක වුනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම.ඉතින් අපේ computer එක slow නම් අපිට linux install කරලා ඒ අඩුපාඩුව මගහරවා ගන්න විදිහට සකස් කරගන්නත් පුළුවන්.

Progrmmers ලාට වුවමනා වෙන progrming languages ගොඩක් බොහොම ලේසියෙන් පහසුවෙන් හසුරුවන්නත් මේ linux os එකට පුළුවන්.ඉතින් ඒ නිසා progrmmersල අතරත් linux ජනප්‍රිය වෙලා තියනවා.linux වල terminal එකත් ඒ වගෙම ජනප්‍රියයි ඉතින් linux වල package manager එක ගත්තාම ඒක අපිට ගොඩක් දේ පහසුවෙන් කරගන්න ඉඩකඩ සලසලා තියනවා.

එවගේම වර්තමානය වෙද්දි linux වල ඇති GUI එක user friendly නිසා එය තවත් computer userලා අතර ජනප්‍රිය වෙලා තියෙනවා.
පහසුවෙන් control කරන්න වගේම පහසුවෙන් භාවිතා කරන්නත් පුළුවන් නිසා software වල වැඩකටයුතු කිරිමේදී සිදු වන දෝෂ, Stuck වීම් ආදිය සිදු නොවන තරම් නිසාත් ගොඩක් computer users ලා Linux වලට යොමු වෙලා තියෙනවා.

මේ ඉහත කිව්ව කරුනු නිසා තමයි වර්තමානය වෙද්දි පරිගණකය පරීශීලකයන් අතර linux ජනප්‍රිය වෙලා තියෙන්නේ.

2 Likes