Linux භාවිතා කරන කෙනෙක්ට තමන්ගේ වැඩවලට වුවමනා වන වටිනා කියන software කිහිපයක්

1)Microsoft Office Package එක වෙනුවට Libreoffice, WPS office, ONLYOFFICE use කරන්න පුලුවන්

2)Notepad එක වෙනුවට Gedit, Kate,leafpad වගේ text editors සුපිරි

3)Internet Explorer එක වෙනුවට Firefox, Chrome, Opera වගේ හැම browser එකක්ම Linux වලට support කරනව

4)Photoshop වෙනුවට අපිට GIMP, Inkscape, Krita, Pixlr වගේ photo editors තියෙනව Linux වලට

5)Linux වලට Video Editors එමත් ගොඩක් තියෙනව Kdenlive, Openshot, Shotcut, Cinelerra

6)Video Play කරන්න VLC Player, Mplayer, Kplayer වගේ video players තියෙනව

7)Adobe Reader එක වෙනුවට Okular, Foxit Reader, Adobe Reader (for Linux) වගේ PDF Viewers තියෙනව

8)Picasa වගේ photo viewers ඒමත් ගොඩක් තියෙනව Shotwell,gThumb,digiKam, Gwenview වගේ ඒව

9)Nero Burning Rom (CD/DVD Burner) වෙනුවට Nero Linux, Brasero, K3b, PowerISO වගේ ඒව තියෙනව

10)Partition Magic වෙනුවට Gparted, Gnome Disks වගේ Partition Managers තියෙනව

11)Torrent Download කරන්නත් Tranmission,kTorrent,qBittorrent වගේ ඒවගෙන් පුලුවන්

12)Internet Download Manager එක වෙනුවට Linux වලට DXM, Persepolis,uGet වගේ download managers තියෙනව

13)Email Accounts Manage කරන්න Thunderbird, Evolution වගේ email clients තියෙනව

14)File Explorer එක වෙනුවට Nautilus,Thunar,Dolphin,Krusader වගේ කැමති එකක් use කරන්න පුලුවන්

15)Command Prompt එක වෙනුවට Gnome-terminal, Konsole, Terminator වගේ terminals තියෙනව

16)Developersලට, Programmersලට ඕනි කරන හැම tool එකක්ම වගේ Linux වලටත් support කරනව(atom, sublime text,pycharm, android studio, visual studio code,etc…)

17)Screen Record කරන්න Kazam,obs Studio,SimpleScreenRecorder වගේ softwares නියමයි

18)Virtualbox,VMware,Wine වගේ tools වලින් පුලුවන් windows softwares linux වල run කරන්න

19)Task Manager එක වෙනුවට KSysGruard, Stacer, Htop, Gnome-system-monitor වගේ system monitors තියෙනව

20)සිංදු අහන්න(Audio Players) Clementine,Amarok,Rhythmbox,Audacious වගේ players මරු

21)Audio Edit කරන්න පුලුවන් Audacity,Ardour,LMMS,Mixxx වගේ softwares වලින්

22)Youtube Videos Download කරන්න Clipgrab,4k downloader, MiniTube,youtube-dl(command-line) වගේ Softwares තියෙනව

23)Cloud Storage Desktop Clients විදියට අපිට Mega,Dropbrox,pCloud වගේ ඒව use කරන්න පුලුවන්

24)Streaming Music අහන්න Spotify,Nuvola තියෙනව

25)Media Convert(mp4>mp3,mp3>ogg) කරන්න HandBrake,Vlc Player,SoundConverter use කලහැකිය

26)Screenshots ගන්න Shutter, Gnome Screenshot, Flameshot තියෙනව

27)Game ගහන්න Steam,PlayOnLinux,Wine,Lutris වගේ softwares use කරන්න පුලුවන්

28)Linux වලදි Virus Guards use කරන්න අවශයතාවක් නෑ,Linux ගොඩක් ආරක්ෂිතයි

29)Linux වලට bluestacks,nox වගේ android emulatorsනම් support කරන්නෙ නෑ,anbox කියල emulator එකක් තියෙනව කැමතිනම් try කරල බලන්න

30)Online Radio අහන අයට Gradio,Radio Tray තියෙනව, සමහර ලංකාවෙ radio channels ඒමත් වැඩ

31)Backup & Data Recovery tools විදියට අපිට TimeShift, Bacula use කල හැක

32)PDF edit කරන්න LibreOffice Draw, PDF Studio වලින් පුලුවන්

33)3D Animations & Modeling කරන අයට Blender තියෙනව linux වලට

මේ Linux Softwares වල තියෙන වාසි:

මේ හැම software එකක්ම වගේ free

මේතන තියෙන්නෙ ගොඩක් open source softwares හින්ද ගොඩක් විශ්වාසයෙන් මේව use කරන්න පුලුවන්

ඔයා programming ගැන දන්නවනම් මේ softwares ඔයාට කැමති විදියට modify කරගන්නත් පුලුවන්

ඔයා install කරපු softwares හැම එකක්ම එක click එකෙන් update කරන්න පුලුවන්

ඉක්මනින් softwares install කරන්නත්, uninstall කරන්නත් පුලුවන්

මේ හැම software එකකම වගේ interface එක dark කරගන්න පුලුවන්, dark themes වලට කැමති අයට linux මරු, ඇස් 2ටත් හොදයි

මේ Linux Softwares වල තියෙන අවාසි:

සමහර softwares install කරගන්න අමාරුයි

සමහර softwares වල errors,bugs තියෙන්න පුලුව

සමහර linux softwares වල windows වලදි use කරපු softwares වල තරම් features නෑ

හැම Linux user කෙනෙක්ම වගේ use කරන, නැතුවම බැරි Softwares 10ක්:
1)GIMP
2)VLC player
3)Kdenlive
4)Audacity
5)Thunderbird
6)Steam
7)LibreOffice
8)Transmission
9)Nautilus
10)Firefox

1 Like