Linux install කරමු

Os එකක් computer එකට Install කරනවා කියන්නේ……………………

මහා ලොකු වැඩක් වගේ දෙයක් හුගක් අයගේ අදහස. ටිකක් ලොකු වැඩක් තමා ඒත් එච්චර බය වෙන්න දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම Linux OS එකක්, ඒ මොකද කියනව නම් Linux කියන්නේ open-source.

Linux OS එකක් කොහොමද install කරන්නේ……

ක්‍රම කිහිපයකටම පුලුවන්, dual boot කරන්න පුලුවන්, VM එකකට install කරන්න පුලුවන් ඒ වගේම live boot කරන්නත් පුලුවන්.

හරි අපි මුලින්ම බලමු කොහොමද Lap එක එහෙමත් නැත්තම් PC එක dual boot කරන්නේ කියලා.

කොයි විදිහට install කරන්න උනත් මුලින්ම කැමති Linux OS එකක් තොරාගෙන download කරගන්න. ( කොහොමද මටම හරියන Linux OS එකක් තොරගන්නේ.) හරි දැන් download කරගත්ත Linux OS ISO file එක අපි USB එකකට boot කරගන්න ඔනේ,

ඒක කරන්නේ මෙහෙමයි bootable USB හදාගන්න Rufus කියන software එක පාචිච්චි කරන්න පුලුවන්.දැන් Rufus එකට දාලා boot කරන්න කලින්න බලන්න පොඩි දෙයක් තියෙනවා normally PC වල hard disk format එක MBR ද GPT ද කියලා. (MBR- master boot record GPT- guided partition table) ඉතිම් bootable USB එකක් හදද්දී බලන්න PC එකේ system එක format කරලා තියෙන්නේ මේ දෙකෙන් කොයි විදිහට ද කියලා.

හරි ඒක හොයාගන්නේ කොහොමද? MBR ද GPT ද කියලා…………

හරිම ලේසියි කරන්න තියෙන්නේ Disk Management වලට ගිහින් Disk එකේ properties වල බලන්න ඒතන තියෙනවා MBR ද RPT ද කියලා, ඒතන තියෙන්නේ මොකක්ද කියලා බලලා අන්න එක select කරන්න ඔනේ Rufus එකෙත්.

Download කරගත්ත ISO file එක තොරලා දිලා start කරන්න.

හරි ඒ වගේම දැන් Linux OS එක install කරන්න hard disk එකේ partition එකක් හදාගන්න ඔනේ, ඒක කරන්න විදිහ image වලින් විස්තර කරලා තියෙනවා

මුලින්ම This PC ගිහින් right click කරලා Manage ගිහින් එකේ manage වල storage එකේ Disk Management වලට යනවා. (එහෙම නැත්තම් cmd එකේ diskmgmt.msc කියලා type කරලා enter කරන්න)

Disk Management එකේ තියෙනවා දැනට hard disk එකේ තියෙන partition ටික ඒතනින් ඉඩ තියෙන partition එකකින් කොටසක් අයින් කරගන්න ඔනේ,

තෝරගත්ත partition එක උඩ right click කරලා Shrink Volume කියන option එකට ගිහින් අලුතෙන් හදන partition එකට size එකක් දෙන්න. ( අඩුම 20GB )

දැන් අලුත් partition එකක් හැදිලා ඇති. ඒක පෙන්නනේ unallocated කියලා.


හරි අලුත් partition එකත් හදලා ඉවරයි. USB drive එකත් bootable විදිහට හදාගත්තා නේ, ඊලගට මොකක්ද……….

දැන් එහෙනම් lap එක restart කරලා ආයෙත් on වෙනකොටම ඒ කියන්නේ lap එකේ brand name එක display වෙනකොටම (on time ) boot options වලට යන්න ඔනේ. (F12,F10, F2, ESC)

Boot option වල දැන් pen drive එක පෙන්නවා up arrow key වලින් ගිහින් pen drive එක select කරලා enter කරන්න. ඊට පස්සේ PC එක pen එකෙන් boot වෙනවා. ඊට පස්සේ එන display එකෙන් හිතන්න Ubuntu OS එකක් pen drive එකට boot කරලා ගත්තා කියලා, ඒතකොට දැන් එන display එකෙන් තොරන්න Install Ubuntu ( start Ubuntu) කියන එක.

ඔන්න දැන් Linux OS (Ubuntu boot කරා කියලා හිතමු.) එක boot වෙලා welcome එකත් එක්ක එනවා language එක තොරලා continue දෙන්න. Continue දීලා install කරන් යනකොට හම්බවෙනවා hard disk partition menu එක hard drive එකේ free space තොරලා අරන් + button එක click කරලා Ubuntu partition create කරන්න දෙන්න.

Partition type එක primary කියලා තොරලා partition size එක MB වලින් තොරන්න.

/root එකේ partition හදන්න රෙකමන්ඩ් මෙතඩ් එකේ විස්තර පහල දිලා තියෙනවා.

  • Size = minimum 30000 MB recommended
  • Type for the new partition = Primary
  • Location for the new partition = Beginning of this space
  • Use as = EXT4 journaling file system
  • Mount point = /

ඊලගට /home එකයි /swap එකෙයි partition හදනත් රෙකමන්ඩ් ස්ටෙප්ස් ටික තමයි.

  • Size = size allocated as per your requirements, depending on the size of remaining disk free space
  • Type for the new partition = Primary
  • Location for the new partition = Beginning
  • Use as = EXT4 journaling file system
  • Mount point = /home

ඔනේ කරන partition ටික හදාගෙන ඉවරයි දැන් තියෙන්නේ install button එක click කරලා install කරන්න.

Click continue……

ඊලගට එන screen එකේ location එක තොරන්න. Click continue……

ඊට පස්සේ who are you? නම username සහ password එකක් දීලා log වෙන්න. Click continue……

ඊට පස්සේ කරන්න තියෙන්නෙ installation එක ඉවර වෙනකම් බලන් ඉන්න තමයි.

දැන් PC එක restart කරලා log වෙන්නයි තියෙන්නේ .

මතක ඇතුව restart වෙද්දී pen එක ගලවන්න. නැත්තම් සමහර විට ආයෙත් pen එකෙන් boot වෙන්න පුලුවන්.

Finally welcome to Linux family.

4 Likes