මොකක්ද මේ Encryption ? 🤔🔐

කට්ටිය මේ ගැන සෑහෙන උනන්දුවක් දක්වපු නිසා මාත් හිතුව අදහසක් දක්වන්න…

සරල සිංහලෙන් කිව්වොත් encryption කියන්නෙ දත්ත වල ස්වභාවය හෝ රටාව වෙනස් කිරීමක්.රටාව දන්න කෙනාට විතරයි දත්ත කියවන්න පුලුවන් වෙන්නෙ.

Encryption එක්කම එන තව දෙයක් තමයි encryption key එක . යතුරක් නැතුව අගුලකින් වැඩක් නෑ නෙ…

කාටහරි Encryption ගැන definition එකක් ඕන්නම් google කරල බලන්න. මන් අද කියන්න යන්නෙ වෙනස් දෙයක්…!

ඔයාලට මන් english alphabet එකෙන්ම සරල encryption method එකක් දෙන්නම්. නිකන් ඉන්න වෙලාවට තමන්ගෙ යාලුවන් එක්ක try කරල බලන්න…

Alphabet එකේ vovels ටික ගන්න.
අපි ඒ ටික යොදාගෙන message එකක් encrypt කරල බලමු.

(මේක තවත් ලස්සන කරන්න මන් y අකුරත් ගන්නව)

a e i o u y

අපි යවන message එක තමයි …

Hello how are you !

දැන් අපි ඒ sentence එකේ vovels & y අකුරු ටික, පැත්ත මාරු කරමු මෙන්න මේ විදිහට…

a e i o u y
y u o i e a :point_left:

Hulli hiw yru aiu !

මේක තමයි අපේ encrypted message එක… :point_up_2:

a e i o u y
y u o i e a
මේක තමයි encryption key එක :point_up_2:

Key එක නොදන්න කෙනෙක්ට ලේසියෙන් message එක කියවගන්න බෑ…

ඔය වගේ දෙයක් තමයි ඔයාල නිතරම use කරන whatsapp වල encryption වලත් පදනම වෙන්නෙ… හැබැයි ඒවයෙ key combination නම් සෑහෙන්න සංකීර්ණයි…

Encryption , cryptography ,data security ගැන උනන්දු තියෙන අය ඉන්නවනම් අපට කියන්න.
Resources හොයල දෙන්නම්… :v:

#FOSS

19 Likes

Supiri…:-):-)<3
Encryption methords genath hoyl blmu kttiyam thawa…:blush:

3 Likes

Super aiye❤️

2 Likes

supurii idea ekak machan.:blush: scle:

3 Likes